Earn $2+ Per Day!! Always Try to Buy Original Games.

Share Up To 110 % - 10% Affiliate Program
Auctions for free stuff at Listia.com

Monday, February 23, 2015

GTA IV [2015 Edition]

කෝ ඉතින් එනව කිව්වට GTA V pc වලට තාම ආවේ නෑනෙ.. :'( ඉතින් ඒක එනකන් ගහන්න GTA IV ආයෙමත් දා ගත්තා.. ග්‍රැෆික්ස් මෙලෝ රහක් නෑ.
GTA SA වලට වගේම මේකටත්  ENB එකක් හොයද්දි පට්ට එකක් හම්බුනා. :D ග්‍රැෆික්ස් දැකලා ඇඩුනා..
  GTA V ඕන නෑ කියලා හිතුණා. :D
පහළ තියන පිංතූර බලන්නකෝ....



කොහොමද.. ආසයි නේ... :D
වැඩිය කතා ඕන නෑ GTA V pc වලට එනකම් ඕක ගහමු නේ..
ගේම් එක ගැන කියනවනම්, සාමාන්‍ය GTA IV එකේ තියන මිශන් මයි තියෙන්නේ, හැබැයි වාහන නම් වෙනස්. මේකටත් අපිට කැමති වාහන මොඩ් දාගන්න පුලුවන්. ඒ ගැන පස්සේ කියලා දෙන්නම්.
එතකන් මේක ගහන්න.
ග්‍රැෆික්ස් මට්ටම ගොඩක් වැඩි නිසා සාමාන්‍ය GTA IV එකට වඩා ටිකක් වැඩියෙන් performance ඉල්ලනවා.

    

එහෙනම් මෙතනින් Download කරගන්න.
(සැ.යු. ක්ලික් කර තත්පර 5 කට පසු,Skip ad ක්ලික් කරන්න)
[size: 11.65GB]
  
පහල වීඩියෝ එකත් බලලම යන්න. :D


Saturday, February 14, 2015

Dayz Standalone

මම අද කියන්න යන්නෙ, සුපිරි ගේම් එකක් ගැන :D .


Dayz Standalone කියන්නෙ එච්චර ප්‍රසිද්ධ වෙච්ච ගේම් එකක් නෙවෙයි. මොකද මේ ගේම් එක තාම රිලීස් කරලා නෑ. ඒක තියෙන්නේ Early access, alpha මට්ටමේ. කොටින්ම කිව්වොත් තාම පර්යේෂණ මට්ටමේ :P. මේක රිලීස් උනේ, 16 Dec, 2013. අවුරුද්දක් විතර ගියත් මේ ගේම් එකේ ඔරිජිනල් එක රිලීස් උන්නෑ. ඒ මොකද මේ ගේම් එක තාම හදනවා. දැනට දීලා තියන Early access version එක play කරන කට්ටියගෙන් අදහස් අරගෙන තමා මේක හදා ගෙන යන්නේ. 
මේ ගේම් එකේ Developer විදිහට ඉන්නේ, Bohemia Interactive සමාගම. ඒකෙන් තමා ඔය Arma ගේම් සීරිස් එකත් හැදුවේ. ග්‍රැෆික් මට්ටමින් ගත්තොත් ඉතින්, පහලින් පිංතූර දාන්නම්. :D
දැනට තියන version එක multiplayer විතරයි තියෙන්නේ. ඔරිජිනල් එකට නම් single playerනුත් දායි කියලා හිතනවා.
ගේම් එකේ අපිට කරන්න තියෙන්නේ, කොහොම හරි ජීවත් වෙන එක. මේකේ අපිට ගොඩක්ම කරදරයක් වෙන්නේ Zombieලාගෙන්. ඉදලා හිටලා ඉතින් වෙන playersලගෙන්  කරදර වෙනවා :D. අපිට සත්තු දඩයම් කරන්න පුළුවන්, මාළු අල්ලන්න පුළුවන්.. තව ගොඩක් වැඩ පුළුවන්. මුලදි අපිට දෙන්නේ පිහියයි, මැප් එකයි විතරයි. අපි අනිත් හැමදේම හොයා ගන්න ඕන. ආයුධ, වාහනයක්, බඩගිනි උනාම කන්න බොන්න දේවල්.. ඔක්කෝම හොයා ගන්න ඕන. හොඳම දේ තමයි අපි ටීම් එකක් විදිහට යන එක. ගේම් එකෙදි හම්බෙන playersලා ගොඩ දෙනෙක් ටීම් එකක් විදිහට යන්න කැමතියි. මේ ගේම් එක ඉතින් ගොඩක් realistic.

මේ ගේම් එක ගහන්න ඕන අවම සුදුසුකම්: 
OS: Windows Vista SP2 or Windows 7 SP1 
Processor: Intel Dual-Core 2.4 GHz or AMD Dual-Core Athlon 2.5 GHz 
Memory: 2 GB RAM 
Graphics: NVIDIA GeForce 8800GT or AMD Radeon HD 3830 or Intel HD Graphics 4000 with 512 MB VRAM 
DirectX: Version 9.0c 
Hard Drive: 10 GB available space 
Sound Card: DirectX®-compatible

ලංකාවේ සෙට් එකකුත් ඉන්නවා. ඒකට ඔයත් එකතු වෙන්න.
DAYZ SRILANKA

ගේම් එක මෙතනින් බාගන්න.  
(සැ.යු. ක්ලික් කර තත්පර 5 කට පසු,Skip ad ක්ලික් කරන්න)

එන සයිට් එකේ දීලා තියන ටොරෙන්ට් එක හරි මෙගා එක හරි බාගන්න. මෙගා එක Speed (direct download)


ගේම් එකේ Trailer එකත් බලලම යන්න. :D
    









Sunday, February 1, 2015

Call of Duty 4 Modern Warfare [Multiplayer]

කලින් පෝස්ට් බලපු සමහර අය මගෙන් ඇහුවේ, ගේම් කියන්නේ GTA විතරක් ද? කියලා හිටං! :P
ඉතින් ඒක නිසා මම තව ගේම් එකක් ගැන ලියන්න හිතුවා... :D
අද මම ඔයගොල්ලන්ට කියන්න යන්නේ, Call of Duty 4 Modern Warfare කට්ටියත් එක්ක සෙට් වෙලා ගහන හැටි. මම ගොඩක් ආස ගේම් එකක් තමයි, Call of Duty කියන්නේ, Call of Duty series  එක පටන් ගත්තේ, 2003 දි. එදා ඉඳන් අද වෙනකං මේ ගේම් එකසේ ජනප්‍රියි. ඉතින් Call of Duty 4 Modern Warfare එක ලංකාවේ top rank වල ඉන්න ගේම් එකක්. මොකද ඒකට හේතු ගොඩක් තියනවා.

#1 මේ ගේම් එක ගොඩක් computers වලට වැඩ. මේ ගේම් එක ගහන්න 
ඕන අවම සුදුසුකම් තමයි,

Supported OS:     Microsoft® Windows® XP/Vista (Windows 95/98/ME/2000 are unsupported)
DirectX Version: Microsoft DirectX 9.0c (included) 
Processor:            Intel® Pentium® 4 2.4 Ghz / AMD(R) 64 (TM) 2800+ / Intel® and AMD® 1.8 Ghz Dual Core Processor or better supported 
Memory:             512MB RAM (Windows® XP), 768MB RAM (Vista®) 
Graphics:             NVIDIA Geforce 6600 or better or ATI Radeon® 9800Pro or better 
Sound:                 100% DirectX 9.0c compatible sound card 
Hard Drive:         8GB of free hard drive space 
Internet:              Broadband connection and service required for multiplayer connectivity
(මූලාශ්‍රය: STEAM )

#2 ග්‍රැෆික්ස් මට්ටම ගුණාත්මක වීම.


#3 ගේම් එක එතරම් සංකීර්ණ නොවීම.
#4 පට්ට ස්ටෝරියක් තිබීම. :D

ඉතින් ඒ කරුණු සහ තවත් කරුණු රාශියක් නිසා, ගොඩක් Gamersලා අතර මේ ගේම් එක ජනප්‍රියයි.
දැන් එහෙනම් ඔයාලත් මේ ගේම් එක DOWNLOAD කරගන්න.  මේ දීලා තියන එක නම් Multiplayer විතරක් ගහන්න පුළුවන් version එකක්, මේක install කරලා නිකම්ම, Multiplayer සෙල්ලම් කරන්න පුළුවන්. මම හිතන්නෙ, ඔයගොල්ලො ලග මේ ගේම් එකේ DvD ඇති. එහෙනම් පහල තියන පියවර අනුගමනය කරන්න.
1. මුලින්ම ගේම් එක install කරන්න.
2. ඊට පස්සෙ, පහලින් දාලා තියන ෆයිල් 2ක Download කරගන්න.


3. බාගත්ත පැච් ෆයිල් 2න් මුලින්ම දාන්න ඕනේ 1.6 එක, ඒක install කරද්දී, Modern Warfare එක තියන තැන හොයලා දෙන්න. (ගොඩක් වෙලාවට autoම එතන හොයා ගන්නවා.) මම ආයෙත් කියනවා, මුලින්ම දාන්න ඕනේ 1.6 එක.
4. ඒ විදිහටම 1.7 එකත් install කරන්න.
5. දැන් ඉතින් මූලික වැඩ ටික ඉවරයි. ඊට පස්සේ Multiplayer ගහන්න තව පොඩි සොෆ්ට්වෙයාර් එකක් ඕන. ඒකට කියන්නේ GameRanger කියලා. එහෙනම් ඒකත් DOWNLOAD  කරගන්න.
6. ඊට පස්සේ, ඒකත් install කරන්න. මගදි කියනව account එකක් හදාගන්න කියල හිටං! :P, ඒකට ඔයාගේ ඊමේල් එක දීලා අනික් තොරතුරු පුරවලා, account එක හදාගන්න. ඊමේල් account එකට log වෙලා, verify කරන්න.
දැන් ඉතින් ඔක්කෝම වැඩ ඉවරයි, Game Ranger icon එක ක්ලික් කරන්න. එතකොට පහලින් තියන වගේ වින්ඩෝ එකක් එයි.


ඉතින් ඔය තමා ගේම් servers ටික. ඒව උඩ ක්ලික් කරලා join වෙන්න පුළුවන්. රතු පාට කොටු වලින් අදහස් කරන්නේ ping එක. ping එක වැඩි උනාම තමයි, රතු පාට වෙන්නේ. එතකොට ගේම් එකේදි lag වෙනවා. හිට හිට යන්නේ. :D ping එක අඩු උනාම ඔය කොටු කොළ පාටින් පිරෙනවා, එතකොට හොඳයි. ඒ ගැනත් අවධානයෙන් ඉන්න.
Game Ranger එකේ තව window එකක් එනවා. ඒක තියෙන්නේ ඔයාලට friendsලා ඇඩ් කරගන්න. යාලුවො ඇඩ් කර ගත්තාම ඒ ගොල්ලෝ ඉන්න servers, onlineද නැද්ද කියලා පෙන්නනවා.


එහෙනම් ඉතින් multiplayer සෙල්ලම් කරන්න. මොකක් හරි අව්ලක් ගියොත් කියන්න. :D


ප.ලි. : සමහර විට ගේම් එක ඕපන් කරද්දි පහලින් තියන එක වගේ එකක් එයි.


බය වෙන්න එපා! ඕක හදාගන්න ලේසියි. මයික් එකක් තියනවනම් ඒක pc එකට connect කරපුවාම ඕක හරියනවා. මයික් එකක් නැත්නම් පහල තියන වීඩියෝ එක බලලා, ඒක හදාගන්න.