Earn $2+ Per Day!! Always Try to Buy Original Games.

Share Up To 110 % - 10% Affiliate Program
Auctions for free stuff at Listia.com

Saturday, February 14, 2015

Dayz Standalone

මම අද කියන්න යන්නෙ, සුපිරි ගේම් එකක් ගැන :D .


Dayz Standalone කියන්නෙ එච්චර ප්‍රසිද්ධ වෙච්ච ගේම් එකක් නෙවෙයි. මොකද මේ ගේම් එක තාම රිලීස් කරලා නෑ. ඒක තියෙන්නේ Early access, alpha මට්ටමේ. කොටින්ම කිව්වොත් තාම පර්යේෂණ මට්ටමේ :P. මේක රිලීස් උනේ, 16 Dec, 2013. අවුරුද්දක් විතර ගියත් මේ ගේම් එකේ ඔරිජිනල් එක රිලීස් උන්නෑ. ඒ මොකද මේ ගේම් එක තාම හදනවා. දැනට දීලා තියන Early access version එක play කරන කට්ටියගෙන් අදහස් අරගෙන තමා මේක හදා ගෙන යන්නේ. 
මේ ගේම් එකේ Developer විදිහට ඉන්නේ, Bohemia Interactive සමාගම. ඒකෙන් තමා ඔය Arma ගේම් සීරිස් එකත් හැදුවේ. ග්‍රැෆික් මට්ටමින් ගත්තොත් ඉතින්, පහලින් පිංතූර දාන්නම්. :D
දැනට තියන version එක multiplayer විතරයි තියෙන්නේ. ඔරිජිනල් එකට නම් single playerනුත් දායි කියලා හිතනවා.
ගේම් එකේ අපිට කරන්න තියෙන්නේ, කොහොම හරි ජීවත් වෙන එක. මේකේ අපිට ගොඩක්ම කරදරයක් වෙන්නේ Zombieලාගෙන්. ඉදලා හිටලා ඉතින් වෙන playersලගෙන්  කරදර වෙනවා :D. අපිට සත්තු දඩයම් කරන්න පුළුවන්, මාළු අල්ලන්න පුළුවන්.. තව ගොඩක් වැඩ පුළුවන්. මුලදි අපිට දෙන්නේ පිහියයි, මැප් එකයි විතරයි. අපි අනිත් හැමදේම හොයා ගන්න ඕන. ආයුධ, වාහනයක්, බඩගිනි උනාම කන්න බොන්න දේවල්.. ඔක්කෝම හොයා ගන්න ඕන. හොඳම දේ තමයි අපි ටීම් එකක් විදිහට යන එක. ගේම් එකෙදි හම්බෙන playersලා ගොඩ දෙනෙක් ටීම් එකක් විදිහට යන්න කැමතියි. මේ ගේම් එක ඉතින් ගොඩක් realistic.

මේ ගේම් එක ගහන්න ඕන අවම සුදුසුකම්: 
OS: Windows Vista SP2 or Windows 7 SP1 
Processor: Intel Dual-Core 2.4 GHz or AMD Dual-Core Athlon 2.5 GHz 
Memory: 2 GB RAM 
Graphics: NVIDIA GeForce 8800GT or AMD Radeon HD 3830 or Intel HD Graphics 4000 with 512 MB VRAM 
DirectX: Version 9.0c 
Hard Drive: 10 GB available space 
Sound Card: DirectX®-compatible

ලංකාවේ සෙට් එකකුත් ඉන්නවා. ඒකට ඔයත් එකතු වෙන්න.
DAYZ SRILANKA

ගේම් එක මෙතනින් බාගන්න.  
(සැ.යු. ක්ලික් කර තත්පර 5 කට පසු,Skip ad ක්ලික් කරන්න)

එන සයිට් එකේ දීලා තියන ටොරෙන්ට් එක හරි මෙගා එක හරි බාගන්න. මෙගා එක Speed (direct download)


ගේම් එකේ Trailer එකත් බලලම යන්න. :D
    









No comments:

Post a Comment